Bitcoin ETF ආයෝජන පෙබරවාරියෙන් පසු ඉහළම අගයට: Bitcoin වෙළඳපොළේ නවතම පෙරළිය!

2026-04-07

283

අප්‍රේල් 6 වන දින U.S. Spot Bitcoin ETFs වෙත ඩොලර් මිලියන 471 ක දැවැන්ත ශුද්ධ ආයෝජන ප්‍රමාණයක් ගලා විත් තිබෙනවා. මෙය පසුගිය පෙබරවාරි 25 න් පසුව වාර්තා වූ ඉහළම දෛනික ආයෝජනය වන අතර, 2026 වසරේ 6 වන විශාලතම දෛනික ආයෝජනය ලෙසද ඉතිහාසයට එක්වෙයි. මේ වන විට Bitcoin මිල ඩොලර් 68,780 ක පමණ අගයක පවතින පසුබිමක, මෙම ETF ආයෝජන රැල්ල වෙළඳපොළට ගෙන එන්නේ කුමන ආකාරයේ පණිවිඩයක්ද?

$70,000 සීමාව සහ ETF වල සුවිශේෂී කාර්යභාරය

​දැනට සාමාන්‍ය වෙළඳපොළේ (Spot market) මිලදී ගැනීම් වල යම් මන්දගාමී ස්වභාවයක් දක්නට ලැබෙනවා. විශේෂයෙන්ම විශාල Bitcoin හිමිකරුවන් (Large holders) ඔවුන්ගේ කාසි විකිණීම හේතුවෙන් මිල $70,000 සීමාවෙන් ඉහළට යාම යම් පමණකට සීමා වී (Capped upside) තිබෙනවා.

​නමුත් මෙහිදී ගැලවුම්කරුවා වී ඇත්තේ Spot Bitcoin ETFs ය. මෙම අරමුදල් හරහා ලැබෙන අඛණ්ඩ සහ දැවැන්ත ඉල්ලුම නිසා, වෙළඳපොළට එකතු වන වැඩිමනත් සැපයුම ඉතා වේගයෙන් අවශෝෂණය කරමින් Bitcoin මිල විශාල වශයෙන් කඩා වැටීම වළක්වා ගැනීමට (Anchoring the price) ඒවා සමත් වී ඇත.

​"Lagging" සිට "Leading" දක්වා: ආර්ථික ප්‍රතිපත්ති වලට දක්වන ප්‍රතිචාරයේ ඓතිහාසික වෙනසක්

​මෑතකදී නිකුත් වූ Binance Research වාර්තාවකට අනුව, Bitcoin සහ ගෝලීය මූල්‍ය ප්‍රතිපත්ති අතර සම්බන්ධතාවයේ දැවැන්ත ව්‍යුහාත්මක වෙනසක් මේ වන විට සිදුවෙමින් පවතිනවා.

  • අතීතයේ තත්ත්වය (Lagging): 2024 ට පෙර සාමාන්‍යයෙන් Bitcoin ක්‍රියා කළේ මහ බැංකු තීරණ වලට "ප්‍රමාද වී ප්‍රතිචාර දක්වන" (Lagging receiver) වත්කමක් ලෙසයි. එනම්, මහ බැංකු විසින් පොලී අනුපාත වෙනස් කළ පසු හෝ ආර්ථික සහන ලබාදුන් පසු ඊට අනුරූපව සාමාන්‍ය ආයෝජකයින් (Retail investors) ප්‍රතිචාර දැක්වීමයි.

  • වර්තමාන තත්ත්වය (Leading): නමුත් 2024 දී ETF අනුමත වීමෙන් පසුව, බිලියන ගණනක ආයතනික ආයෝජන (Institutional flows) වෙළඳපොළට පැමිණීමත් සමඟ මෙම තත්ත්වය සම්පූර්ණයෙන්ම කණපිට හැරී තිබෙනවා. දැන් Bitcoin යනු ඉදිරි ආර්ථික තීරණ සහ මහ බැංකු ප්‍රතිපත්ති කල් තියාම තක්සේරු කරන "Leading pricer" එකක් බවට පත්වී ඇත.

​දත්ත වලින් තහවුරු වන සත්‍යය

​Binance Research වාර්තාව පෙන්වා දෙන පරිදි, ලොව පුරා ප්‍රධාන මහ බැංකු 41 ක මූල්‍ය ප්‍රතිපත්ති නිරීක්ෂණය කරන Global Easing Breadth Index දර්ශකය සමඟ Bitcoin හි තිබූ සම්බන්ධය දැන් පෙරට වඩා තුන් ගුණයකින් ප්‍රබල ලෙස ප්‍රතිවිරුද්ධ දිශාවට ගමන් කරමින් තිබෙනවා. ETF පැමිණීමට පෙර තිබූ ධනාත්මක අගය වෙනස් වී, මේ වන විට එය ආසන්න වශයෙන් -0.778 ක දැඩි සෘණාත්මක අගයක් ගෙන ඇත. මෙය හුදෙක් අහඹු සිදුවීමක් නොව, වෙළඳපොළේ පාලනය සාමාන්‍ය ආයෝජකයින්ගෙන් මිදී ආයතනික මට්ටමට පත්ව ඇති බවට කදිම සාක්ෂියකි.

​ආයෝජකයින්ගේ ඉදිරි දැක්ම සහ අපේක්ෂාවන් (Market Outlook)

​Polymarket දත්ත වලට අනුව අමෙරිකානු ෆෙඩරල් සංචිතය (Fed) ඔවුන්ගේ අප්‍රේල් මාසයේ රැස්වීමේදී පොලී අනුපාත වෙනස් නොකිරීමට 98% ක සම්භාවිතාවක් පවතිනවා. නුදුරු අනාගතයේදී පොලී අනුපාත අඩුවීමක් හෝ වැඩිවීමක් පිළිබඳව වෙළඳපොළේ ලොකු අපේක්ෂාවක් නැහැ.

එසේනම් ඉදිරියට කුමක් වෙයිද?

මේ වන විට වෙළඳපොළේ ද්‍රවශීලතාවය (Liquidity) සම්ප්‍රදායික මූල්‍ය ආයතන හරහා හැඩගැසෙමින් පවතිනවා. මෙම ETF ආයෝජන ප්‍රවණතාවය මෙලෙසම අඛණ්ඩව පැවතුනහොත්, ඉදිරි මාස කිහිපය ඇතුළත ආයතනික මුදල් මත පදනම්ව Bitcoin මිල $80,000 කඩඉම වෙතටත්, ඇතැම් වෙළඳපොළ විශ්ලේෂකයින්ගේ ඉහළම අපේක්ෂාවන් පරිදි ජූනි මාසය වන විට ඩොලර් 100,000 සීමාව වෙතටත් තල්ලු වීමේ හැකියාවක් පවතිනවා.

​කෙටියෙන් කිවහොත්, Bitcoin යනු තවදුරටත් ආර්ථික ප්‍රවෘත්ති වලට පසුව ප්‍රතිචාර දක්වන වත්කමක් නොව, ලෝක ආර්ථිකයේ මීළඟ හැරවුම් ලක්ෂ්‍යය කල්තියාම පෙන්නුම් කරන ප්‍රධාන මූල්‍ය දර්ශකයක් බවට පත්වී අවසන්ය!