​මාර්තු මාසයේ NFP වාර්තාවේ විශ්ලේෂණය. Gold, US30 සහ Crypto වෙළඳපොළට එහි බලපෑම!

2026-04-03

259

මාර්තු මාසයේ නිකුත් වූ Nonfarm Payrolls (NFP) වාර්තාව වෙළඳපොළ බලාපොරොත්තු වූවාට වඩා විශාල කම්පනයක් සහ වෙනසක් ගෙන ඒමට සමත් වී තිබෙනවා. මෙමගින් ඇමරිකානු ආර්ථිකයේ වත්මන් ස්වභාවය සහ ඉදිරි කාලයේදී ආයෝජකයින්ගේ සහ Traders ලාගේ අවධානය යොමු විය යුතු ප්‍රධාන කලාප කිහිපයක් පිළිබඳව පැහැදිලි චිත්‍රයක් මවා දෙනවා.

මූලික දත්ත විශ්ලේෂණය (Key Data Breakdown)

  • නව රැකියා (Nonfarm Payrolls): බලාපොරොත්තු වූ 60K අගය අභිබවා යමින් 178K ක දැවැන්ත රැකියා ප්‍රමාණයක් එකතු වී තිබෙනවා. පෙර මාසයේ -133K ක අඩුවීමකින් පසු මෙය ඉතා ශක්තිමත් ආර්ථික තත්වයක් පෙන්නුම් කිරීමකි.
  • විරැකියා අනුපාතය (Unemployment Rate) 4.4% සිට 4.3% දක්වා අඩු වී තිබෙනවා.
  • පැයක සාමාන්‍ය ආදායම (Average Hourly Earnings) කෙසේ වෙතත්, වැටුප් වර්ධනය 3.8% සිට 3.5% දක්වා තරමක් අඩු වී තිබෙනවා. මෙයින් පෙනී යන්නේ උද්ධමනය (Inflation) සම්බන්ධයෙන් සුළු සහනයක් ඇති බවයි.

DXY (US Dollar Index) සහ Fed හි ප්‍රතිපත්තිය කෙරෙහි බලපෑම.

​මෙම ශක්තිමත් රැකියා දත්ත නිසා ඇමරිකානු ඩොලරය (USD) තවදුරටත් ශක්තිමත් වීමක් දක්නට ලැබෙනවා. DXY දර්ශකය මේ වන විටත් 100.00 සීමාව පසු කර තිබෙනවා. මීට පෙර වෙළඳපොළ බලාපොරොත්තු වූයේ Federal Reserve විසින් මෙම වසරේදී පොලී අනුපාත (interest rates) අඩු කරනු ඇති බවයි. නමුත් මෙම දත්ත සහ ඉහළ යන තෙල් මිල (Oil prices) නිසා ඇති වී තිබෙන උද්ධමන අවදානම හේතුවෙන්, 2026 අවසානය දක්වා පොලී අනුපාත 3.5%-3.75% මට්ටමේම පවත්වා ගෙන යාමට Fed තීරණය කිරීමට 80% ක පමණ සම්භාවිතාවක් දැන් නිර්මාණය වී තිබෙනවා.

​මෙම "Higher for longer" ප්‍රතිපත්තිය ප්‍රධාන වෙළඳපොළවල් වලට බලපාන්නේ කෙසේදැයි දැන් බලමු.

1. Gold (XAUUSD) සඳහා බලපෑම.

සාමාන්‍යයෙන් ශක්තිමත් ඩොලරයක් සහ ඉහළ පොලී අනුපාත රත්තරන් වලට සෘණාත්මකව (Bearish) බලපානවා. ශක්තිමත් NFP දත්ත සහ DXY ඉහළ යාමත් සමඟ XAUUSD හි පහළ යාමක් (Downtrend) අපේක්ෂා කළ හැකියි. කෙසේ වෙතත්, මැදපෙරදිග අර්බුද (Middle East tensions) නිසා Safe-haven එකක් විදිහට Gold වලට යම් සහයක් ලැබීමටද ඉඩ තිබෙනවා. එබැවින් Key structural levels කැඩෙන තෙක් (Break of Structure - BOS) ඉවසීමෙන් කටයුතු කිරීම වැදගත්.

2. US30 (Dow Jones) සහ අමෙරිකානු දර්ශක.

මෙය දෙපැත්තටම බලපාන්න පුළුවන් සංකීර්ණ තත්වයක් (Goldilocks scenario). එක් පැත්තකින් ශක්තිමත් රැකියා වෙළඳපොළක් තිබීම සමාගම්වල ලාභ ඉහළ යාමට (Corporate earnings) හොඳයි. නමුත් අනෙක් පැත්තෙන්, ඉහළ පොලී අනුපාත තවදුරටත් පවතින බවට තහවුරු වීම කොටස් වෙළඳපොළට (Equities) දැඩි ලෙස සෘණාත්මකයි. ඉහළ පොලී අනුපාත නිසා ව්‍යාපාර වලට ණය ගැනීම් වියදම් වැඩි වෙනවා. මේ නිසා US30 හි දැඩි විචල්‍යතාවයක් (High volatility) දැකගත හැකි අතර, Market structure එක පැහැදිලි වනතුරු aggressive entries ගැනීමෙන් වැළකී සිටීම නුවණට හුරුයි.

3. Bitcoin සහ Crypto වෙළඳපොළ.

Crypto වැනි Risk-on වත්කම් වලට මෙම දත්ත මගින් විශාල පීඩනයක් එල්ල වෙනවා. Fed විසින් පොලී අනුපාත අඩු නොකර ඉහළ මට්ටමක පවත්වාගෙන යාමෙන් ආයෝජකයින් වැඩි අවදානමක් ඇති Crypto වලින් මුදල් ඉවත් කර ආරක්ෂිත ආයෝජන වලට (Bonds/USD) යොමු වීමට වැඩි ඉඩක් තිබෙනවා. ශක්තිමත් USD නිසා Bitcoin සහ අනෙකුත් Altcoins වල කෙටිකාලීන Bearish trend එකක් බලාපොරොත්තු විය හැකියි. විශේෂයෙන්ම Volume Analysis වලදී සැපයුම (Supply) වැඩි වන බවට සංඥා පෙන්වයි නම්, ඊළඟ Discount zones දක්වා මිල පහළ යා හැකියි.

අතිරේක වැදගත් කරුණු (Important Notes to Consider)

  • Good Friday නිවාඩුවේ බලපෑම: NFP නිකුත් වූ දිනයේ Good Friday නිවාඩුව යෙදී ඇති නිසා, වෙළඳපොළේ ද්‍රවශීලතාව (Liquidity) සහ Volume එක ඉතා අඩුයි. මේ නිසා NFP වාර්තාවේ සැබෑ Market reaction එක සහ විශාල ආයතනික මුදල් (Institutional money) වෙළඳපොළට පැමිණීම බොහෝ විට දැකගත හැකි වනුයේ සඳුදා (Monday) දින වෙළඳපොළ විවෘත වූ පසුවයි. අඩු Liquidity තත්වයන් යටතේ Fake breakouts ඇතිවීමට වැඩි ඉඩක් ඇත.
  • පොලී අනුපාත සහ උද්ධමන සටන: Fed සභාපති ජෙරොම් පවෙල් සඳහන් කළ පරිදි, උපරිම රැකියා නියුක්තිය පවත්වා ගැනීම සහ මිල ස්ථායිතාව (උද්ධමනය පාලනය) අතර විශාල ගැටුමක් පවතිනවා. මෙම ආතතිය වෙළඳපොළේ දිගුකාලීන Trend එක තීරණය කරනු ඇත.

​වෙළඳපොළේ ඉදිරියට ඇතිවිය හැකි මෙම Volatility එක ගැන මනා අවබෝධයකින්, නිවැරදි Risk Management එකක් සහිතව ඔබේ Trading Plan එකට පමණක් අනුගතව කටයුතු කරන්න. මේ වගේ අවස්ථා තමයි ඉහළ ප්‍රතිලාභ ගෙන දෙන හොඳම Trade Setups නිර්මාණය කරන්නේ!