Market Outlook: ඉදිරි සතියේ දැඩි Volatility සඳහා ඔබේ Trading ගිණුම සූදානම්ද?

2026-04-04

19

ඔබ Trade කරන්නේ Gold, Forex, Crypto හෝ Stock Market (US30) ද? එසේනම්, ඉදිරි සතිය ඔබට ඉතාමත් තීරණාත්මක එකක් වනු නිසැකය. ඇමරිකානු ආර්ථිකයේ අනාගත දිශානතිය තීරණය කරන ප්‍රබල Macro-economic දත්ත රැසක් මේ සතියේ නිකුත් වීමට නියමිත අතර, මේ හේතුවෙන් වෙළඳපොළ තුළ දැඩි අස්ථාවරත්වයක් (High Volatility) අපේක්ෂා කළ හැක. ​සාර්ථක Trader කෙනෙකු වීමට නම්, මේ එක් එක් News එක මගින් වෙළඳපොළට ඇති කරන බලපෑම කල්තියා හඳුනා ගැනීම අත්‍යවශ්‍ය වේ. ඉදිරි සතිය සඳහා ඔබ දැනගත යුතුම සම්පූර්ණ වෙළඳපොළ විශ්ලේෂණය පහතින් ගෙන එන්නෙමු.

අවධානය යොමු කළ යුතු ප්‍රධාන ආර්ථික දත්ත (Macro Calendar)

​ඉදිරි සතියේ දින දර්ශනයේ සලකුණු කරගත යුතු ප්‍රධානතම දින කිහිපය සහ ඒවායේ බලපෑම මෙසේය:

  • සඳුදා: ISM-Non-Manufacturing PMI සහ Prices
    • මොකක්ද මේ ඇමරිකාවේ සේවා අංශයේ (Services Sector) වර්ධනය මෙයින් නිරූපණය වේ.
    • බලපෑම: මෙම අගයන් බලාපොරොත්තු වන මට්ටමට වඩා වැඩි වුවහොත්, ඇමරිකානු ඩොලරය (DXY) ශක්තිමත් වී, ඊට සාපේක්ෂව Gold සහ Crypto වෙළඳපොළ යම් පසුබෑමකට ලක්විය හැක.
  • බදාදා: Crude Oil Inventories සහ FOMC Meeting Minutes
    • මොකක්ද මේ FOMC Minutes හරහා Federal Reserve එක ඉදිරියේදී පොලී අනුපාත (Interest Rates) සම්බන්ධයෙන් ගන්නා තීරණ පිළිබඳ ඔවුන්ගේ අභ්‍යන්තර සාකච්ඡා හෙළිදරව් කරයි.
    • බලපෑම: Fed එක පොලී අනුපාත අඩු කිරීමට සූදානම් බවක් (Dovish tone) පෙන්නුම් කළහොත්, DXY දුර්වල වී Gold, Crypto සහ US30 ඉහළ යනු ඇත. ඊට ප්‍රතිවිරුද්ධ වුවහොත් Smart Money හැසිරෙන ආකාරය Bearish දිශාවකට හැරිය හැක.
  • බ්‍රහස්පතින්දා: GDP (Q4), Initial Jobless Claims සහ PCE Price Index
    • මොකක්ද මේ PCE (Personal Consumption Expenditures) යනු Fed එක විසින් උද්ධමනය මැනීමට භාවිතා කරන ප්‍රධානතම දර්ශකයයි. මෙය සතියේ වැදගත්ම දත්තය වේ.
    • බලපෑම: උද්ධමනය (PCE) සහ GDP අගයන් බලාපොරොත්තු වූවාට වඩා ඉහළ ගියහොත්, පොලී අනුපාත තවදුරටත් ඉහළ මට්ටමක පවතිනු ඇතැයි යන බියෙන් ආයෝජකයින් Stock market සහ Crypto වලින් ඉවත් වී Dollar එක වෙත යොමු වනු ඇත.

​දින දර්ශනයෙන් පිටත: Market එකට බලපාන වෙනත් ප්‍රධාන සාධක

​News calendar එකට අමතරව, මේ දිනවල Market Volume සහ Price Action වෙනස් කරන ප්‍රධාන සාධක 3ක් ඇත:

  1. භූ දේශපාලනික අර්බුද සහ Market Liquidity (Geopolitical Tensions): සාමාන්‍යයෙන් යුධමය තත්ත්වයකදී ආයෝජකයින් ආරක්ෂාව පතා (Safe-haven) Gold මිලදී ගැනීම නිසා මිල ඉහළ යයි. නමුත්, Iran vs US වැනි ඇමරිකාව සෘජුවම සම්බන්ධ වන දැවැන්ත අර්බුදයකදී මෙහි හැසිරීම සම්පූර්ණයෙන්ම වෙනස් විය හැක. එවැනි අවදානම් සහගත තත්ත්වයකදී ලෝකයේ ප්‍රධානතම ආරක්ෂිත මුදල් ඒකකය වන ඇමරිකානු ඩොලරය (USD) වෙත ආයෝජකයින්ගේ මුදල් ගලායාම නිසා ඩොලරය ක්ෂණිකව ශක්තිමත් වේ. එසේම, යුද්ධය නිසා Stock Market කඩා වැටීමත් සමග ආයෝජකයින් අතට මුදල් (Liquidity) ලබා ගැනීමට සහ Margin calls පියවා ගැනීමට ඔවුන් සතු Gold විකිණීම නිසා, මුල් අවස්ථාවේදී Gold වලට දැඩි ඍණාත්මක (Bearish) බලපෑමක් එල්ල වීමට ඉඩ ඇත. එබැවින් යුද්ධයේ ස්වභාවය අනුව Market ක්‍රියාකාරීත්වය වෙනස් වන බව අවබෝධ කරගෙන Trade කිරීම වැදගත්ය.
  2. Central Bank Speakers: සතිය පුරාම විවිධ Fed සාමාජිකයින් මාධ්‍යයට අදහස් දක්වනු ඇත. ඔවුන් උද්ධමනය ගැන කරන ප්‍රකාශ කෙලින්ම Forex සහ Crypto වෙළඳපොළවල Trend එක වෙනස් කිරීමට සමත් වේ.
  3. Crypto ETF Inflows: Crypto වෙළඳපොළ මේ දිනවල Institutional ආයෝජකයින්ගේ හැසිරීම මත දැඩිව රඳා පවතී. Macro දත්ත ඍණාත්මක වුවහොත්, ETF හරහා සිදුවන විකිණුම් නිසා Bitcoin මිලෙහි විශාල හැලහැප්පීම් සිදුවිය හැක.

 Traders ලා සඳහා විශේෂ උපදෙසක් (Pro Tip)

​බදාදා සහ බ්‍රහස්පතින්දා (විශේෂයෙන් FOMC සහ PCE දත්ත නිකුත් වන වේලාවන්හිදී) Stop Loss (SL) නොමැතිව Trade කිරීම ඔබේ ගිණුම සම්පූර්ණයෙන්ම Washout වීමට පවා හේතු විය හැක. News නිකුත් වන අවස්ථාවේදී Market manipulation සහ දැවැන්ත Spikes සිදුවිය හැකි බැවින්, අත්දැකීම් අඩු traders ලා එම වේලාවන්හිදී market එකෙන් ඉවත්ව සිටීම හෝ දැඩි Risk Management ක්‍රමවේද භාවිතා කිරීම නුවණට හුරුය.

​හැමවිටම කල්තියා සැලසුම් කරන්න, හැඟීම් වලට වහල් නොවී ඔබේ Trading Plan එකට සහ තහවුරු කරගත් Price Action අනුමිතීන්ට අනුව පමණක් කටයුතු කරන්න. Trade Safe!

ඔබ සැමට Profitable සතියක්, ජය වේවා!

Market Forecast.එක් එක් වෙළඳපොළට කුමක් සිදුවිය හැකිද?

Market

අපේක්ෂිත දිශානතිය (Market Direction)

 Gold (XAU/USD)

උද්ධමන දත්ත (PCE) අඩු වී, FOMC වාර්තා ධනාත්මක වුවහොත් Gold සඳහා Bullish rally එකක් යා හැක. නමුත් දත්ත මගින් ඩොලරය ශක්තිමත් වුවහොත් හෝ US සම්බන්ධ දැවැන්ත යුධ තත්ත්වයක් ඇති වුවහොත්, Gold විශාල Sell-off එකකට ලක් වී Liquidity grab කිරීමක් දැකගත හැකි වනු ඇත.


US30 (Dow Jones)

සමාගම්වල ආදායම් හොඳ මට්ටමක තිබුණත්, PCE උද්ධමන දත්ත වැඩි වුවහොත් එය US30 වලට ඍණාත්මක ලෙස (Bearish) බලපානු ඇත. බ්‍රහස්පතින්දා US30 හි දැඩි Volatility අපේක්ෂා කරන්න.


Forex (Majors)

මේ සතියේ රජු වනුයේ USD Index (DXY) එකයි. දත්ත ශක්තිමත් නම් EUR/USD සහ GBP/USD පහත වැටෙනු ඇත. USD/JPY යුගලයේ Trade කිරීමේදී ප්‍රවේශම් වන්න; ජපන් මහ බැංකුවේ (BOJ) හදිසි මැදිහත්වීම් සිදුවිය හැක.


Crypto (BTC, ETH)

බ්‍රහස්පතින්දා PCE දත්ත අඩු අගයක් ගෙන ආර්ථිකය ලිහිල් වන බවක් පෙන්නුම් කළහොත් BTC සහ ETH සඳහා ඉහළ යාමක් අපේක්ෂා කළ හැක. එහෙත් දත්ත ඍණාත්මක වුවහොත් Long positions වලට විශාල Liquidations වලට මුහුණ දීමට සිදුවිය හැක.