ගෝලීය financial markets සඳහා හෙට ඉතා වැදගත් දවසක්. U.S. Employment Situation Report එක, නැතහොත් traders ලා අතර බහුලව කියන NFP Report එක release වීමට නියමිතයි. මෙම report එක තුළ Nonfarm Payrolls, Unemployment Rate සහ Average Hourly Earnings කියන ප්‍රධාන data තුන market එකේ direction එකට විශාල බලපෑමක් කරන්න පුළුවන්.
මේ data තුන gold, Bitcoin, U.S. dollar, forex pairs සහ U.S. stock indices වලට direct impact එකක් තියෙන නිසා traders ලා release එකට පෙරම possible scenarios ගැන plan එකක් තියන් ඉන්න ඕන.
විශේෂයෙන්ම මේ වෙලාවේ U.S.–Iran / Strait of Hormuz tension එකත් active නිසා market එක සාමාන්‍ය NFP day එකකට වඩා volatile වෙන්න පුළුවන්.
හෙට එන Data තුන මොනවද?
1. Nonfarm Payrolls — NFP
NFP කියන්නේ U.S. economy එකේ farming sector එක හැර අනෙක් sectors වල add වුණ jobs ගණන. Jobs growth strong නම් economy එක තවම ශක්තිමත් කියලා market එක බලනවා. Jobs growth weak නම් labor market එක slow වෙනවා කියලා market එකට signal එකක් ලැබෙනවා.
Forecast එක roughly 70K–85K area එකේ තියෙන නිසා market එක මේ report එකෙන් labor market cooling signal එකක් බලාපොරොත්තු වෙනවා. ඒ නිසා actual number එක forecast එකට වඩා ගොඩක් strong වුණොත් market reaction එක sharp වෙන්න පුළුවන්.
2. Unemployment Rate
Unemployment Rate එකෙන් U.S. labor market එකේ weakness / strength එක තේරුම් ගන්න පුළුවන්. Previous reading එක 4.3% වන අතර, market expectation එකත් 4.3% around එකේ තියෙනවා.
Unemployment එක 4.4% හෝ ඊට වැඩි වුණොත් labor market weakness signal එකක්. Unemployment 4.2% වගේ අඩු වුණොත් labor market තවම tight කියලා market එක බලන්න පුළුවන්.
3. Average Hourly Earnings
Average Hourly Earnings කියන්නේ wage inflation බලන key data එකක්. Wages වැඩි වෙනවා කියන්නේ consumers ලාට spending power තියෙනවා, නමුත් inflation pressure එකත් වැඩි වෙන්න පුළුවන් කියන අදහසයි.
මෙම data එක Fed policy expectation වලට ඉතා වැදගත්. Wages hot නම් Fed rate cuts delay වෙන්න හෝ higher-for-longer policy එක support වෙන්න පුළුවන්. Wages soft නම් inflation pressure අඩු වෙලා Fed easing expectations වැඩි වෙන්න පුළුවන්.Market එකට වැදගත්ම Combination එක NFP data එක තනිව බලලා trade decision ගන්න එක risky. Traders ලා බලන්න ඕන NFP, unemployment සහ wages තුන එකට match වෙනවද කියලා. උදාහරණයක් විදියට NFP strong වුණත් wages weak නම් market reaction එක mixed වෙන්න පුළුවන්. NFP weak වුණත් wages hot නම් gold, USD සහ indices වල whipsaw moves වෙන්න පුළුවන්.ඒ නිසා හෙට report එකේ headline number එකට වඩා data combination එක වැදගත්.
Scenario 1: NFP Strong + Wages Strong
NFP forecast එකට වඩා strong වුණොත් සහ Average Hourly Earnings ද 0.3% හෝ ඊට වැඩි වුණොත් market එක මෙහෙම interpret කරන්න පුළුවන්:“U.S. labor market තවම strong. Wage inflation pressure තියෙනවා. Fed rate cuts ඉක්මනින් එන්න chance අඩුයි.”
මෙවැනි result එකකදී likely market reaction:
U.S. dollar bullish.
Treasury yields up.
Gold bearish pressure.
EURUSD / GBPUSD downside.
USDJPY upside.
Bitcoin සහ crypto වලට short-term pressure.
U.S. indices වලට mixed or bearish reaction.
Gold traders ලාට මෙවැනි result එකක් ආවොත් downside spike එකක් දැකිය හැක. නමුත් මේ වෙලාවේ Middle East tension එක active නිසා gold එක complete bearish කියලා assume කරන්න හොඳ නැහැ.
Scenario 2: NFP Weak + Unemployment Up
NFP forecast එකට වඩා weak වෙලා unemployment 4.4% හෝ වැඩි වුණොත් market එක මෙහෙම බලන්න පුළුවන්: “U.S. labor market cooling fast. Economy slow වෙනවා. Fed easing expectations වැඩි වෙන්න පුළුවන්.”
Likely market reaction:
U.S. dollar bearish.
Treasury yields down.
Gold bullish.
EURUSD / GBPUSD upside.
USDJPY downside.
Bitcoin සහ risk assets support.
U.S. indices initial bullish වෙන්න පුළුවන්.
Gold වලට මෙය bullish setup එකක් වෙන්න පුළුවන්, විශේෂයෙන් war tension සහ Hormuz risk එකත් එකතු වුණොත් safe-haven demand එක තවත් support වෙයි.
Scenario 3: NFP Weak, But Wages Hot
මෙය හෙට එන්න පුළුවන් dangerous / messy scenario එකක්.NFP weak වුණත් Average Hourly Earnings hot නම් market එක confused වෙනවා. Economy slow වෙනවා වගේ පේනවා, නමුත් wage inflation තවම strong. ඒක Fed එකට difficult situation එකක්.
Likely market reaction:
USD first drop කරලා නැවත recover වෙන්න පුළුවන්.
Gold spike කරලා reverse වෙන්න පුළුවන්.
Forex pairs වල whipsaw moves.
BTC fake breakout / fake breakdown chance.
Indices volatile.
මෙවැනි data combination එකක් ආවොත් first 5–15 minutes trade නොකර wait කරන එක safer.
Scenario 4: NFP Strong, But Wages Soft
NFP strong වුණත් wages soft නම් market එක “soft landing” signal එකක් ලෙස බලන්න පුළුවන්. Jobs තියෙනවා, නමුත් wage inflation pressure වැඩි නැහැ.
Likely market reaction:
USD mild bullish or mixed.
Gold initial sell, later recovery chance.
Indices bullish chance.
BTC neutral-to-bullish.
Forex pairs වල direction එක DXY සහ yields reaction අනුව තීරණය වෙයි.මේ scenario එකේදී data එකට immediate reaction එකක් ආවත්, market එක later session එකේ direction වෙනස් කරන්න පුළුවන්.
Gold Market View
Gold වලට හෙට NFP report එක ඉතා වැදගත්. නමුත් gold movement එක NFP data එකෙන් විතරක් තීරණය වෙන්නේ නැහැ. දැන් active Middle East tension / Hormuz risk එක නිසා gold safe-haven demand එකත් market එකේ තියෙනවා.
Strong NFP + strong wages ආවොත් gold වලට downside pressure එන්න පුළුවන්. Weak NFP + unemployment up ආවොත් gold upside breakout chance වැඩි. Mixed data ආවොත් gold වල fake move / stop hunt chance වැඩි. Gold traders ලාට safest approach එක වන්නේ data release වෙලා first candle close වෙන තුරු wait කිරීමයි. 5M candle close එක සහ next candle confirmation එක බලලා trade decision ගැනීම වඩා practical.
Bitcoin සහ Crypto Market View
Bitcoin සහ crypto market එකට NFP data එක indirect impact එකක් දෙනවා. Strong labor data + hot wages ආවොත් Fed higher-for-longer fear එක වැඩි වෙලා BTC වලට pressure එන්න පුළුවන්.
Weak labor data ආවොත් rate cut hopes increase වෙලා BTC සහ risk assets support වෙන්න පුළුවන්. නමුත් unemployment ගොඩක් ඉහළ ගියොත් recession fear එකෙන් risk assets වලට නැවත selling pressure එන්න පුළුවන්.ඒ නිසා BTC වලදී NFP result එකට පස්සේ U.S. dollar, yields සහ stock market reaction එකත් එකට බලන්න ඕන.
Forex Market View
Forex market එකේ main focus එක U.S. dollar. Strong NFP සහ strong wages ආවොත් DXY bullish වෙන්න පුළුවන්. ඒක EURUSD, GBPUSD වලට downside pressure එකක් දෙනවා.Weak NFP සහ unemployment up නම් DXY downside pressure එකට ලක්වෙලා EURUSD / GBPUSD upside වෙන්න පුළුවන්. USDJPY වලදී yields reaction එක ඉතා වැදගත්.Forex traders ලාට හෙට release second එකේ entry ගන්න එක risky. Spread widening සහ slippage වෙන්න පුළුවන් නිසා confirmation-based entry එකක් හොඳයි.
U.S. Indices Market View
U.S. indices වල reaction එක data combination එක අනුව වෙනස් වෙයි.Strong jobs + hot wages = yields up, Fed hawkish fear, indices pressure.Weak jobs + soft wages = rate cut hope, indices support.Weak jobs + unemployment sharply up = recession fear, indices sell-off chance.ඒ නිසා US30, NASDAQ සහ S&P 500 traders ලා NFP headline number එකට වඩා bond yields සහ market breadth reaction එක බලන්න ඕන.
හෙට Traders ලාට Practical Plan එක
NFP release එකට පෙර heavy positions avoid කරන්න. Gold, BTC සහ indices වල high leverage trade එකක් news එකට අරගෙන යන එක අවදානම්.Release වෙද්දි first candle chase කරන්න එපා. News candle එකේ spread widening සහ stop hunt moves වෙන්න පුළුවන්.Release එකෙන් පස්සේ 5M / 15M structure බලන්න. DXY, 10Y yield සහ gold reaction එක එකම direction එකට confirm වෙනවද බලන්න.
Clean bearish gold setup එකක් නම්: DXY up + yields up + gold support break + retest fail.Clean bullish gold setup එකක් නම්: DXY down + yields down + gold resistance break + retest hold.
SRFXGlobal Market View
SRFXGlobal view එක අනුව, හෙට NFP report එක market direction එකට strong catalyst එකක් වෙන්න පුළුවන්. Forecast එක weak side එකේ තියෙන නිසා market එක දැනටමත් softer labor print එකක් expect කරනවා.ඒ නිසා actual NFP number එක 70K–85K expectation එකට වඩා strong beat වුණොත් USD bullish reaction එක sharp වෙන්න පුළුවන්. නමුත් NFP miss වෙලා unemployment 4.4% හෝ ඊට වැඩි වුණොත් gold සහ risk assets වල strong volatility එකක් එන්න පුළුවන්.
Gold වලදී war risk එකත් active නිසා data එක bearish වුණත් downside moves clean නොවෙන්න පුළුවන්. Traders ලා headline chase නොකර confirmation, structure සහ risk management එකට priority දිය යුතුයි. මෙවැනි market environment එකකදී traders ලාගේ ප්‍රධාන වගකීම profit chase කිරීම නොව capital protection කිරීමයි. News candle එකට emotional entry ගන්නවාට වඩා, data release එකෙන් පස්සේ market reaction එක confirm වෙන තුරු wait කිරීම වඩා professional approach එකක්!